SL v ZIM : 6 දෙනෙකු ඉවත් කරමින් ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නිවේදනය කෙරේ

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. උප නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංක.

සිම්බාබ්වේ පිලට එරෙහි එක්දින සංචිතයට ඇතුළත් නොවූ ක්‍රීඩකයින් රැසක් 20යි 20 සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආරම්භක පිතිකරු කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් මෙන්ම ධනංජය ද සිල්වා ද 20යි 20 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයට ද ඇතුළත්. කමිදු මෙන්ඩිස් ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, ඩෙංගු රෝගය වැළදීම නිසා එක්දින තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක සංචිතයට නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, සුදුසු යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ඔහු ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මතීෂ පතිරණ හා නුවන් තුෂාර වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීම සදහා නම් කර ඇති අතර, අකිල ධනංජය ද සංචිතයට ඇතුළත්.

20යි 20 තරගාවලිය අරමුණු කර ගනිමින් මීට පෙර ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබූ අතර, එම සංචිතයට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් අවසන් සංචිතයට නම් කර නැහැ.

20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 හා 18 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1) Wanindu Hasaranga – Captain
2) Charith Asalanka – Vice Captain
3) Kusal Mendis
4) Sadeera Samarawickrama
5) Kusal Janith Perera
6) Angelo Mathews
7) Dasun Shanaka
8) Dhananjaya de Silva
9) Kamindu Mendis
10) Pathum Nissanka – subject to fitness
11) Maheesh Theekshana
12) Dushmantha Chameera
13) Dilshan Madushanka
14) Matheesha Pathirana
15) Nuwan Thushara
16) Akila Dananjaya

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...