මුජීබ්, නවීන් හා ෆසල් හක්ට දුන් දඩුවම් ලිහිල් කෙරේ

Date:

මුජිබ් උර් රහ්මාන්, නවීන් උල් හක් හා ෆසල් හක් ෆරූකි යන ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පැනවූ දඩුවම් ලිහිල් කිරීමකට ලක් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් තිදෙනාට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමට තීරණය කර ඇති අතර, ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි සදහා ද ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඔවුන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සහ ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතා සඳහා පූර්ණ ලෙස කැපවිය යුතු බවට වන කොන්දේසිය මත මෙම ලිහිල් කිරීම සිදු කර ඇති බව සදහන්.

අදාළ ක්‍රීඩකයින් තිදෙනා මීට පෙර පෞද්ගලික අවශ්‍යතා සදහා මුල්තැන ලබා දෙමින් 2024 වසර සදහා වන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකීමට තීරණය කළා.

අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ මුජිබ් උර් රහ්මාන්, නවීන් උල් හක් හා ෆසල් හක් ෆරූකිට මධ්‍යම කොන්ත්‍රාත් ලබා දීම අත්හිටුවමින් වසර දෙකක කාලයක් සදහා විදෙස් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා ද අවසර ලබා නොදීමටයි.

නමුත් පසුව එම ක්‍රීඩකයින් තිදෙනා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය වෙත සදහන් කර තිබුණේ තමන් තවදුරටත් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසු වන බවයි.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර ඇත්තේ ඔවුන්ට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමටයි. එමෙන්ම විදෙස් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා සීමිත අවසර ප්‍රමාණයක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් තිදෙනාට ලිඛිත අවසන් අනතුරු ඇගවීමක් ලබා දී ඇති අතර, ඔවුන්ගේ මාසික ඉපැයීම් සහ/හෝ තරඟ ගාස්තුවලින් වැටුප් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...