දඹුල්ලට ක්‍රිකට් ගෙන යමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග කාලසටහන එළිදකියි

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

තරග සංචාරය පෙබරවාරි දෙවැනිදා සිට 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, සංචාරය ආරම්භ කරමින් පළමු හා එකම ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. දෙවැනි 20යි 20 තරගය 19 වැනිදා ද, තෙවැනි 20යි 20 තරගය 21 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ද ඇෆ්ඝනිස්තානය පෙබරවාරි හා මාර්තු මාසවලදී ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අදාළ තරගාවලි පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරගය අබුඩාබි හී දී පෙබරවාරි 28 වැනිදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය මාර්තු 7 වැනිදා ද, 20යි 20 තරගාවලිය මාර්තු 15 වැනිදා ද ආරම්භ වීමට නියමිතව ඇත්තේ සාජා හී දී යි.

ACB
ACB

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...