ජනිත්ගේ ලකුණු 95 හා තීක්ෂණගේ කඩුලු 4 හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු දෙකක තියුණු ජයක්

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(8) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කිසිදු පිතිකරුවෙකුගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට නොලැබුණු පසුබිමක සිය දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කළ ජනිත් ලියනගේ හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 127 කින් ලකුණු 95 ක් ලබා සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා.

හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් සමගින් ඔහු ඉනිම ගොඩ නැගූ නමුත්, ඔහු සිය මංගල ශතකය අභියස අවාසනාවන්ත ලෙස දැවී ගියා.

යළි අසාර්ථක වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගිය අතර, සධීර සමරවික්‍රම ලකුණු 4කටත්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් දැවී ගියා. පළමු තරගයේ දී ශතකයක් ලබා ගත් චරිත් අසලංකට මෙම තරගයේ දී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

සහන් ආරච්චිගේ ලකුණු 21 ක් රැස් කළා. යළි අසාර්ථක වූ හිටපු නායක දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. මහීෂ් තීක්ෂණ ලකුණු 18 ක් ලබා ගත් අතර, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී ලකුණු 19 ක් හා දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 18 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා ලකුණු 32 කට කඩුලු පහක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 208 ක්. ඒ, ඔවුන් එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 182 ක් ලබා සිටි පසුබිමකයි.

නායක ක්‍රෙයිග් අර්වින් ලකුණු 82 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්. දුෂ්මන්ත චමීර හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...