මෙන්ඩිස්ට අනතුරු ඇගවීමක් – ක්‍රීඩකයින්ට නව ආචාර ධර්ම පද්ධතියක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව Daily FT වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ, පසුගිය දිනක පානදුර ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

පසුගිය ජූලි 5 වනදා ඔහු පැද වූ මෝටර් රථය, පා පැදියක ගැටී සිදු වූ එම අනතුරේ දී 64 හැවිරි පුද්ගලයෙකු මිය ගියා.

ඊට අදාළව අධිකරණය හමුවේ විභාග වන නඩුවේ දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් මිය ගිය අයගේ පාර්ශවය වෙනුවෙන් ලබා දීමට ද කුසල් මෙන්ඩිස් එකග වුණා.

මෙම අනතුර සම්බන්ධ‍යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළේ ක්‍රිකට් ආයතනයට අදාළ සිද්ධියෙන් වූ අපකීර්තිය  පදනම් කර ගනිමින්.

ඒ අනුව චෝදනා පත්‍රයක් ඔහුට එරෙහිව ලබා දීමට ක්‍රියා කර තිබූ අතර, පසුව අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව සදහන්.

මෙම අනතුර පදනම් කර ගනිමින් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේ දී ඊට සංශෝදනයක් එක් කිරීමට ද ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා.

“ක්‍රීඩකයින් ඉදිරියේ දී නව කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන විට අපි ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දෙනවා. බොහෝ පැතිකඩ මේ වන විටත් ආවරණය වී තිබුණත්, තවත් පැතිකඩ කිහිපයක් ආවරණය කළ යුතුයි. ඉතිං අපි ඒවත් එකතු කරනවා කොන්ත්‍රාත් ගිවිසුම්වලට.”

යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...