චන්දිමාල්, තිසර, සීක්කුගේ සහ ගුණරත්නගේ නායකත්වයෙන් T 20 ලීග් තරගාවලියක්

Date:

පළමුවරට මෙවර සංවිධාන කර ඇති Army Commander’s League තරගාවලිය සදහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 16 දෙනෙකු එක්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ලබන 5 වනදා ආරම්භ වීමට නියමිතයි.

ලබන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙම 20යි 20 තරගාවලිය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සහ සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ඇති.

Norther Warriors, Eastern Warriors, Southern Warriors, Western Warriors යනුවෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් නම් කර තිබෙනවා.

සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා මෙම කණ්ඩායම්වල නායකත්වය දරන බව සදහන්.

ඒ සදහා ජාතික කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්වනු ඇති.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් Norther Warriors කණ්ඩායමට දසුන් ශානක, අකිල ධනංජය, භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Eastern Warriors කණ්ඩායම අසේල ගුණරත්ණගේ නායකත්වයෙන් තරග වදින අතර, ඊට කුසල් මෙන්ඩිස්, සදුන් වීරක්කොඩි, සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් Southern Warriors කණ්ඩායම තරගාවලියට එක් වන්නේ සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග යන ක්‍රීඩකයින් ද සමගින්.

Western Warriors කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරන අතර, එම කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...