උඩ පන්දු 11 ක් ගිලිහී ගිය තරගයෙන් ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 258 ක් ලබා ගනිමින්.

Phoebe Litchfield ලකුණු 63 ක් හා Ellyse Perry ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Deepti Sharma කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 38 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 255 ක් පමණයි.

Richa Ghosh ලකුණු 96 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Annabel Sutherland ලකුණු 47 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් අතින් උඩ පන්දු 11 ක් ගිලිහී ගිය අතර, ඉන්දීය කණ්ඩායමෙන් පමණක් උඩ පන්දු 7ක් ගිලිහී යාම ඔවුන් තරගයෙන් පරාජයට පත් වීමට බෙහෙවින් බලපානු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...