සටනකින් පසු නවසීලන්තය තරගාවලිය සම කරයි

Date:

නවසීලන්තය හා බංග්ලාදේශය අතර පැවැති තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අද(31) නිමා වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් නවසීලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110 ක්.

නජ්මුල් හොසේන් ලකුණු 17 ක්, තව්හිද් හ්රිදෝයි ලකුණු 16 ක් හා අෆිෆ් හොසේන් ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 16 කට කඩුලු 4ක් දවා ගත් අතර, ටිම් සවුති, ඇඩම් මිල්න් හා බෙන් සියර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ වන විට තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ නවසීලන්තය ලබා ගෙන සිටිය යුතු වූ ලකුණු සංඛ්‍යාව 79 ක්. ඒ අනුවයි නවසීලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17 ක ජයක් හිමි වුණේ.

ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලකුණු 38 ක් රැස් කළා. කෙසේ වෙතත්, පිතිකරණ ලැයිස්තුවේ සෙසු පිතිකරුවන් සිව් දෙනා වූ ආරම්භක පිතිකරු ටිම් සයිෆර්ට්, අංක 3 පිතිකරු ඩැරල් මිචෙල්, අංක 4 පිතිකරු ග්ලේන් ප්ලිප්ස් හා අංක 5 පිතිකරු මාර්ක් චැප්මන් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී යාම කැපී පෙනුණා.

නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 49 දී බිද වැටීමෙන් පසුව 6 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 46* (37) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්තයට ජය හිමි කර දීමට සමත් වුණේ ජේම්ස් නීෂම් හා නායක මිචෙල් සැන්ට්නර්. නීෂම් නොදැවී ලකුණු 28 (පන්දු 20) ක් හා සැන්ට්නර් නොදැවී ලකුණු 18 (20) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහෙදි හසාන් හා ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...