ටෙස්ට් වරම් නොලැබූ නෙයිල්ට දකුණු අප්‍රිකා ටෙස්ට් නායකත්වය හිමි වෙයි

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි දකුණු අප්‍රිකා කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ආරම්භක පිතිකරුවෙකු වන නෙයිල් බ්‍රෑන්ඩ් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් නොමැතිව දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම සංචාරය සදහා එක්වීම ඊට හේතුවයි. මෙම ටෙස්ට් තරගාවලිය හා SA20 තරගාවලියේ කාලසටහන් අතර ඝට්ටනයක් සිදු වන බැවින් ප්‍රධාන ක්‍රීඩකයින් රැසකට ටෙස්ට් තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 4 වැනිදා ද, SA 20 තරගාවලිය ජනවාරි 10 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් නවසීලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා. එනම්, Keegan Petersen, David Bedingham හා Zubayr Hamza යන ක්‍රීඩකයින්.

ඩීන් එල්ගර් SA 20 තරගාවලියට ක්‍රීඩා නොකළ ද, ඔහු ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බැවින් එල්ගර් ද නවසීලන්ත සංචාරයට එක්වන්නේ නැහැ.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 7 දෙනෙකු හා ටෙස්ට් වරම් දිනා ඇති ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්.

South Africa Test squad:

Neil Brand (c), David Bedingham, Ruan de Swardt, Clyde Fortuin (wk), Zubayr Hamza, Tshepo Moreki, Mihlali Mpongwana, Duanne Olivier, Dane Paterson, Keegan Petersen, Dane Piedt, Raynard van Tonder, Shaun von Berg, Khaya Zondo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...