සැම්සන්ගේ ශතකය හා අර්ෂ්දීප්ගේ කඩුලු 4 ඉන්දියාවට තරගාවලියේ ජය ගෙන එයි

Date:

සංජු සැම්සන්ගේ ශතකය හා අර්ෂ්දීප් සිංගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කරමින් තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 297 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණයි.

Tony de Zorzi ලකුණු 81 ක් හා නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 36 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 30 ක් පමණක් ලබා දෙමින්. අවේශ් ඛාන් හා වොෂින්ටන් සුන්දර් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පාර්ල්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ සංජු සැම්සන් ලකුණු 108 ක් රැස් කළා. පන්දු 114 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

තිලක් වර්මා ලකුණු 52 යි. ලකුණු 101 ට කඩුලු 3ක් බිද වැටීමෙන් පසු පිටියේ එක් වූ සංජු හා වර්මා අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 116(136) ක්.

රින්කු සිං පන්දු 27 කින් ලකුණු 38 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 63 ක් ලබා දෙමින්. නන්ඩ්‍රි බර්ගර් කඩුලු දෙකක් බිද හෙලුවා.

අවසන් තරගයේ වීරයා ලෙස සංජු සැම්සන් ද, තරගාවලියේ වීරයා ලෙස අර්ෂ්දීප් සිං ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...