හෝප්ගේ හයේ පහර තරගාවලියේ ජය කොදෙව්වන්ට හිමි කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ට්‍රිනිඩෑඩ් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 132 ක් පමණයි.

පිල් සෝල්ට් ලකුණු 38 ක්, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 28 ක් හා මොයීන් අලී ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුඩකේෂ් මොතියා ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අන්ඩ්‍රි රසල්, අකීල් හොසෙයින් හා ජේසන් හෝල්ඩර් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු හයක් දැවී සිටියදීයි.

ෂේයි හෝප් නොදැවී ලකුණු 43(43) ක් රැස් කරමින් කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 30 ක් හා ජොන්සන් චාර්ල්ස් ලකුණු 27 ක් ලබා ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට කොදෙව්වන්ට ලකුණු 9ක් අවශ්‍ය වුණා. ක්‍රිස් වෝක්ස් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුවට ජේසන් හෝල්ඩර් ලකුණු 3ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව යොමු කෙරුණු ඊළග පන්දුවට හයේ පහරක් එල්ල කළ හෝප් තරගාවලියේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස ගුඩකේෂ් මොතියා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 331 ක් රැස් කළ එංගලන්තයේ පිල් සොල්ට්.

අවසන් පන්දුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...