IPL 2024 වෙන්දේසියේ තෙවැනි, සිව්වැනි හා පස්වැනි වටවලදී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු එකට ආරම්භ වූ වෙන්දේසියේ මේ වන විට වට පහක කටයුතු අවසන් වී තිබෙනවා.

තෙවැනි වටයේ දී පළමුව අලෙවි වූයේ දකුණු අප්‍රිකාවේ ට්‍රිස්ටන් ස්ටබ්ස්. ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

තෙවැනි වටයේ දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් වෙන්දේසියට ඉදිරිපත් කළ නමුත්, ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

සිව්වැනි වටයේ දී පළමුව නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා. නමුත්, ඔහු ද අලෙවි වූයේ නැහැ.

සිව්වැනි වටයේ දී පළමුව අලෙවි වූයේ ඉන්දියාවේ චේතන් සකාරියා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තා.

එම වටයේ දී ඉහළම මිලකට අලෙවි වූයේ මිචෙල් ස්ටක්. ඔහුව ඉන්දීය රුපියල් කෝටි 24.75 මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මිලදී ගත්තා. එය අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකමයි.

මේ අතර, පස්වැනි වටයේ දී කිසිදු ක්‍රීඩකයෙකු අලෙවි නොවීම ද විශේෂත්වයක්.

තෙවැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩක ලැයිස්තුව –

  1. පිලිප් සෝලට්  – අලෙවි නොවේ
  2. ට්‍රිස්ටන් ස්ටබ්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50 (දිල්ලි කැපිටල්ස්)
  3. කේ එස් භාරත් – ඉන්දීය රුපියල් ලක්ෂ 50  (කොල්කටා නයිට් රයිඩර්ස්)
  4. ජොෂ් ඉන්ග්ලිස් – අලෙවි වූයේ නැහැ
  5. කුසල් මෙන්ඩිස් – අලෙවි වූයේ නැහැ

සිව්වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩක ලැයිස්තුව –

  1. ලොකී ෆර්ගසන් -අලෙවි වූයේ නැහැ
  2. චේතන් සකාරියා – ඉන්දීය රුපියල් ලක්ෂ 50 (කොල්කටා නයිට් රයිඩර්ස්)
  3. අල්සාරි ජෝසප් – ඉන්දීය රුපියල් කෝටි 11.50 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
  4. උමේෂ් යාදව් – ඉන්දීය රුපියල් කෝටි 5.80 (ගුජරාට් ටයිටන්ස්)
  5. ශිවම් මාවි – ඉන්දීය රුපියල් කෝටි 6.40 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
  6. මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස්)
  7. ජොෂ් හේසල්වුඩ් – අලෙවි වූයේ නැහැ
  8. ජයිදේව් උනඩ්කට් – ඉන්දීය රුපියල් කෝටි 1.6 (සන්රයිසස් හයිදරාබාද්)
  9. ඩිල්ෂාන් මදුෂංක – ඉන්දීය රුපියල් කෝටි 4.6 (මුම්බායි ඉන්දියන්ස්)

පස්වැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් –

  1. මොහමඩ් වකාර් – අලෙවි වූයේ නැහැ
  2. අඩිල් රෂීඩ් – අලෙවි වූයේ නැහැ
  3. අකීල් හොසේන් – අලෙවි වූයේ නැහැ
  4. ඉෂ් සෝදි – අලෙවි වූයේ නැහැ
  5. ටබ්රයිස් ශම්සි – අලෙවි වූයේ නැහැ
  6. මුජීබ් රහ්මාන් – අලෙවි වූයේ නැහැ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...