වසරකට පසු විලියම්සන් 20යි 20 ජාත්‍යන්තර පිටියට

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ කේන් විලියම්සන්ටයි.

ඔහු 20යි 20 ජාත්‍යන්තර තරගයක් මෙලෙස ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ වසරකට වැඩි කාලයකින් පසුව වීම විශේෂත්වයක්.

ඩෙවෝන් කොන්වේ මෙම 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, මයිකල් බ්‍රේස්වෙල්, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි හා හෙන්රි ශිප්ලි යන ක්‍රීඩකයින්ට ආබාධ හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නිෂම් යළි 20යි 20 සංචිතයට කැදවා ඇති අතර, බෙන් සියර්ස් ද සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 27 වැනිදා නේපියර් හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand’s T20I squad:

Kane Williamson (c), Finn Allen, Mark Chapman, Kyle Jamieson, Adam Milne, Daryl Mitchell, James Neesham, Glenn Phillips, Mitchell Santner, Ben Sears, Tim Seifert, Ish Sodhi, Tim Southee

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...