කැම්පර්ගේ තුන් ඉරියව් දක්ෂතා හා බැල්බර්නිගේ 82* අයර්ලන්තයට තරගාවලියේ ජය හිමි කර දෙයි

Date:

කර්ටිස් කැම්පර්ගේ තුන් ඉරියව් දක්ෂතා හා ඇන්ඩි බැල්බර්නිගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගය ජය ගනිමින් තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තෙවැනි එක්දින තරගයෙන් අයර්ලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය වාර්තා කළේ කඩුලු හතකින්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි එක්දින තරගයෙන් අයර්ලන්තයට කඩුලු හතරක ජයක් හිමි වුණා.

මෙය අයර්ලන්තය විසින් සිම්බාබ්වේ හී දී එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

හරාරේ හී දී පැවැති තෙවැනි එක්දින තරගයේ ඉනිමක් පන්දුවාර 40කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

Joylord Gumbie ලකුණු 72 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් ලකුණු 37 කට කඩුලු 4 ක් හා Graham Hume ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 40කදී ලකුණු 201 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 37.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඇන්ඩි බැල්බර්නි නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේ පන්දු 102 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 4 ක් සමගින්.

කර්ටිස් කැම්පර් ලකුණු 40 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 33 ක් ලබා ගත් අතර, ලෝකන් ටකර් නොදැවී ලකුණු 29 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...