ආසියානු යොවුන් ශූරතාවය බංග්ලාදේශයට

Date:

ආසියානු යොවුන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, ඩුබායි හී දී පැවැති අවසන් මහා තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම ලකුණු 195 කින් පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා.

Ashiqur Rahman Shibli ලකුණු 129 ක් රැස් කළ අතර, Chowdhur Md Rizwan ලකුණු 60 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Ayman Ahamed ලකුණු 52 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායමට පන්දුවාර 24.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

Dhruv Parashar නොදැවී ලකුණු 25 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Maruf Mridha හා Rohanat Doullah Borson කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...