ලේතම්-යන්ග් 171 සම්බන්ධතාවය නවසීලන්තයට ලකුණු 44ක ජයක් ගෙනෙයි

Date:

විල් යන්ග්ගේ හා ටොම් ලේතම්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

ඩුනේඩින් හී දී පැවැති තරගයට පෙර හා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම අතරවාරයේ දී වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 30කට සීමා කෙරුණා.

නවසීලන්තය නියමිත පන්දුවාර සංඛ්‍යාව නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 239 ක් ලබා ගනිමින්.

විල් යන්ග් පන්දු 84 කින් ලකුණු 105 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 14 ක් සමගින්. නායක ටොම් ලේතම් ලකුණු 92 ක් ලබා ගත්තේ පන්දු 77 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් සමගින්.

ආරම්භක පිතිකරු රචින් රවීන්ද්‍ර හා අංක 3 පිතිකරු හෙන්රි නිකල්ස් ලකුණු නොලබා දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සදහා ලේතම් හා යන්ග් ලකුණු 171 (145) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු දෙකක් හා මෙහිදි හසාන් මිරාස් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 30 තුළ ලකුණු 245 ක ජයග්‍රාහී ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 30 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.

අනමුල් හක් ලකුණු 43 ක්, අෆිෆ් හොසේන් ලකුණු 38 ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න්, ඉෂ් සෝදි හා Josh Clarkson කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...