අර්ශ්දීප්ගේ හා අවේශ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට දැවැන්ත පරාජයක්

Date:

අර්ශ්දීප් සිංගේ හා අවේශ් ඛාන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ ඉන්දීය පන්දු යවන්නන් දකුණු අප්‍රිකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 116 කට සීමා කළේ පන්දුවාර 27.3 ක් අවසානයේ දී යි.

අර්ෂ්දීප් සිං ලකුණු 37 කට කඩුලු 5 ක් දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ අතර, ඔහුට අනගි සහායක් ලබා දුන් අවේශ් ඛාන් ලකුණු 27 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 33 ක් රැස් කළ ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ. ටෝනි ද සොර්සි ලකුණු 28 ක් ද, ඒඩ්න් මාක්‍රම් ලකුණු 12 ක්ද, ටබ්රයිස් ශම්සි නොදැවී ලකුණු 11 ක් ද රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16.4 ක් අවසානයේ, එනම් ඉනිම නිමා වීමට පන්දු 200 ක් ඉතිරිව තිබියදී කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස රුටුරාජ් ගයික්වඩ් ලකුණු 5කට දැවී ගිය අතර, සායි සුදර්සන් නොදැවී ලකුණු 55(43) ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 52(45) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙක දවා ගත්තේ වියාන් මෝල්ඩර් හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...