පාකිස්තානය 89 ට දැවී යයි ; ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක් – ලයන් 500 පසු කරයි

Date:

නේදන් ලයන්ට සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල ද හිමි කර දෙමින් මිචෙල් ස්ටක්ගේ හා ජොෂ් හේසල්වුඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 360 ක දැවැන්ත පරාජයක් අත්විදීමට සංචාරක පාකිස්තාන කණ්ඩායමට අද(17) සිදු වුණා.

පර්ත් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 450 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

සවුද් ශකීල් ලකුණු 24කටත්, බාබර් අසාම් ලකුණු 14කටත්, ඉමාම් උල් හක් ලකුණු 10කටත් දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ස්ටක් හා හේසල්වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. නේදන් ලයන් දවා ගත් කඩුලු ගණන දෙකක්. ඔහු අද ඉතිහාස ගත වූයේ ටෙස්ට් කඩුලු 500 ක් දවා ගත් 8 වැනි පන්දු යවන්නා ලෙසයි.

අද දිනය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 84 ක් ලබා සිටි අතර, ඔවුන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියදීයි.

උස්මාන් කවාජා ලකුණු 90 ක් හා මිචෙල් මාෂ් නොදැවී ලකුණු 63 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 45 යි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ කුරාම් ශහ්සාඩ් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 487 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...