සෝල්ට්ගේ 109* හා බෘෘක්ගේ ප්‍රහාරය හමුවේ එංගලන්තයෙන් සුපිරි හඹා යාමක් (දර්ශන සහිතයි)

Date:

පිල් සෝල්ට් වාර්තා කළ සුපිරි ශතකය හා හැරී බෘෘක් තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු පහට වාර්තා කළ ලකුණු 24 හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 223 ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු තුනක් පමණක් දැවී සිටියදීයි.

පිල් සෝල්ට් පන්දු 56 කින් ලකුණු 109 ක් නොදැවී රැස් කළේ හයේ පහර 9ක් හා හතරේ පහර 4ක් සමගින්. ඔහු සමග ඉනිම ඇරඹූ නායක ජොස් බට්ලර් ලකුණු 51(34)යි.

ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 3ක් ද සමගින් පන්දු 18 කින් ලකුණු 30 ක් ලබා ගත් අතර, හැරී බෘෘක් පන්දු 7කින් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 31 ක්. එංගලන්තයට අවසන් පන්දුවාරයේ දී නොසිතූ ජයක් තහවුරු කර දුන් බෘෘක්ගේ කෙටි ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහරකින් වර්ණවත් වුණා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 21 ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ අන්ඩ්‍රි රසල් විසින්.

එම පන්දුවාරයේ දී පළමු පන්දු පහට හැරී බෘෘක් විසින් පිළිවෙලින් ලකුණු 4, 6, 6, 2, 6 ක් වාර්තා කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දුන්නේ තරගාවලිය පරාජයට පත් නොවී තවදුරටත් තරගාවලියේ රැදී සිටීමට සිය කණ්ඩායමට අවස්ථාව ලබා දෙමින්.

මෙය 20යි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය සම වැඩිම ලකුණු ප්‍රමාණයයි.

මේ වන විට කොදෙව්වන් තරග 2-1 ක් ලෙස 20යි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Grenada හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 222 ක් රැස් කළේ නිකලස් පූරාන් පන්දු 45 කින් වාර්තා කළ ලකුණු 82 න් ශක්තිමත් වෙමින්. හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක රොව්මන් පවෙල් ලකුණු 39(21) ක් ද, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 29(17) ක් ද, ෂේයි ‍හෝප් ලකුණු 26(19) ක් ද ලබා ගත්තා. ජේසන් හෝල්ඩර් පන්දු පහකින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 18 ක්.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

(අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...