ෂර්මාගේ සුපිරි දක්ෂතා හමුවේ ඉන්දියාවට සුපිරි ජයක් ; ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාවත් බිද වැටෙයි

Date:

සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 347 ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(16) සමත් වුණා.

එය කාන්තා කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි ඉතිහාසගත වුණේ.

මීට පෙර වැඩිම ලකුණු පරතරයකින් කාන්තා ටෙස්ට් තරගයක් ජය ගනිමින් ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. 1998 වසරේ දී පාකිස්තානයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති ටෙස්ට් තරගයකින් ලකුණු 309 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කාන්තා පිල එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 428 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

අනතුරුව අඛන්ඩව දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා නොදීමට ඉන්දියාව තීරණය කළ අතර, ඔවුන් සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 186 ක් ලබා සිටියදීයි.

BCCI

ජයග්‍රහනය සදහා එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 479 ක්. කෙසේ වෙතත්, එංගලන්ත කාන්තා කණ්ඩායමට තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ පෙරවරු කාලයේ දී දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ක්‍රියාත්මක වූයේ සැසි (sessions) හතක් පමණයි.

ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 67 ක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 20 ක්ද වාර්තා කළ දීප්ති ෂර්මා , පන්දු යැවීමේ දී පළමු ඉනිමේදී ලකුණු හතකට කඩුලු පහක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 32 කට කඩුලු හතරක් ද දවා ගනිමින් තරගයේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...