ඔස්ට්‍රේලියාව ලකුණු 300 ක් ඉදිරියෙන්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද(16) පර්ත් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය ආරම්භ කරන විට පාකිස්තානය කඩුලු දෙකක් දැවී ලකුණු 132 ක් ලබා සිටි අතර, ඔවුන්ට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 271 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 84 ක් ලබා සිටියා. ඒ, ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 487 ක් ලබා ඇති පසුබිමකයි. ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 300 ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස කුරාම් ශහ්සාඩ් ලකුණු හතකට දැවී ගියා. බාබර් අසාම් ලබා ගත්තේ ලකුණු 21 ක් පමණයි. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සිය 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 62 (පන්දු 199) ක් රැස් කළා.

සවුද් ශකීල් ලකුණු 28කටත්, සර්ෆරාස් අහ්මඩ් ලකුණු තුනකටත්, ෆහීම් අශ්රෆ් ලකුණු 9කටත් දැවී ගිය අතර, ආගා සල්මන් නොදැවී ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 66කට කඩුලු 3 ක් දවා ගත්තා. ඔහු මේ වන විට බිද හෙලා ඇති ටෙස්ට් කඩුලු ප්‍රමාණය 499 ක්. මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 164 ක් ලබා ගත් ඩේවිඩ් වෝනර් දෙවැනි ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය අතර, මර්නස් ලබුෂේන් ලකුණු පහකට දැවී ගියා. උස්මාන් කවාජා නොදැවී ලකුණු 34 ක් හා ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 43 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ කුරාම් ශහ්සාඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...