ලිට්ල්ගේ කඩුලු 6 හමුවේ අයර්ලන්තයට කඩුලු හතරක ජයක්

Date:

ජොෂ් ලිට්ල්ගේ සුවිශේෂී පන්දු යැවීමේ දක්ෂතාවය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට පන්දුවාර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

වෙලින්ටන් මසකඩ්සා ලකුණු 40 ක් රැස් කළ අතර, රයන් බර්ල් ලකුණු 38 ක් ද, ක්ලයිව් මදන්දේ (Clive Madande) ලකුණු 33 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් කඩුලු 6 ක් දවා ගත්තේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 40.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කර්ටිස් කැම්පර් පන්දු 71 කින් ලකුණු 66 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 10 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා බෙන්ඩන් මවුටා (Brandon Mavuta) කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට අයර්ලන්තය පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...