හෙන්ඩ්‍රික්ස්, මාක්‍රම් දකුණු අප්‍රිකාවට කඩුලු පහක ජයක් ගෙනෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු පහක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

Gqeberha හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට පන්දුවාර 19.3 ක් අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඉන්දීය ඉනිම එතැනින් අවසන් කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ වන විට ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 180 ක්. රින්කු සිං පන්දු 39 කින් නොදැවී ලකුණු 68 ක් වාර්තා කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්.

නායක සූර්යකුමාර් යාදව් පන්දු 36 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ යශස්වි ජයිස්වාල් හා ෂුබ්මන් ගිල් ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි ඉන්දියාව සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණේ. අංක 3 පිතිකරු තිලක් වර්මා ලකුණු 29යි.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කෝට්සියා ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා. මාර්කෝ ජන්සෙන්, ලිසාඩ් විලියම්ස්, ටබ්රයිස් ශම්සි හා ඒඩ්න් මාක්‍රම් කඩුල්ල බැගින් බිද හෙලුවා.ලකුණු 18 කට කඩුල්ලක් දවා ගත් ශම්සි තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 15 කදී තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 152 ක්.

ඔවුන් පන්දුවාර 13.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 49 ක් රැස් කළේ පන්දු 27 කින්. ඒ, හතරේ පහර 8 ක් හා හයේ පහරක් සමගින්. නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 30(17) ක් ලබා ත් අතර, ඩේවිඩ් මිලර් ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...