වසර දෙකකට පසු ජාත්‍යන්තර පිටියට ආ රසල්ගේ තුන් ඉරියව් දක්ෂතා කොදෙව්වන්ට ජය ගෙනෙයි

Date:

වසර දෙකකට පසු ජාත්‍යන්තර 20යි 20 පිටියට පිවිසි කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හමුවේ එංගලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට බටටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද (13) අලුයම සමත් වුණා.

බාර්බඩෝස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින් ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලූ රසල් පිතිකරණයේ දී පන්දු 14 කින් හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක් සමගින් වේගවත් ලකුණු 29 ක් නොදැවී රැස් කරමින් කොදෙව් පිලට ජය හිමි කර දුන්නා.

ෂේයි හෝප් ලකුණු 36(පන්දු 30) ක්, ක්යල් මේයර්ස් ලකුණු 35(21) ක් හා නායක රොව්මන් පවෙල් නොදැවී ලකුණු 31(15) ක් රැස් කරමින් කොදෙව් හඹා යාම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් රෙහාන් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 40(20) ක් හා නායක ජොස් බට්ලර් ලකුණු 39(31) ක් ලබා ගත්තා.

අන්ඩ්‍රි රසල්ට අමතරව අල්සාරි ජෝසප් ද ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...