LPL ලබන වසරට කල් යන ලකුණු

Date:

ලංකන් ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

අදාළ තරගාවලිය ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමටයි මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබුණේ.

පසුගිය වසර කිහිපයේ දී ද එල්.පී.එල් තරගාවලිය පැවැත්වීම සදහා අවධානය යොමුව තිබූ නමුත්, විවිධ හේතු නිසා එය සාර්ථක වූයේ නැහැ.

මෙහි පළමු අදියර 2012 වසරේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් යන නමින්.

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු සදහන් කළේ ඉදිරි සති කිහිපයේ දී රට තුළ පවතින තත්ත්වය පිළිබද සලකා බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...