පාකිස්තාන එක්දින කණ්ඩායමේ නව නායකයා බබාර් අසාම්

Date:

පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස බබාර් අසාම් පත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජූලි පළමු වැනිදා සිට ආරම්භ වන 2020/21 තරග වාරය වෙනුවෙන් බබාර් අසාම් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති බවයි.

මීට පෙර ඔහුව 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ අතර, ඒ අනුව බබාර් අසාම් මේ වන විට එරට සීමිත පන්දුවාර තරග අංශ දෙකේම නායකයා ලෙස කටයුතු කරනවා.

මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ සර්ෆ්‍රාස් අහ්මඩ්.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අසාර් අලී ඉදිරියටත් කටයුතු කරනු ඇති.

2020/21 තරග වාරයේ දී පාකිස්තානය ටෙස්ට් තරග 9ක්, එක්දින තරග 6ක්, 20යි 20 තරග 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව ඔවුන් ආසියානු කුසලාන තරගාවලියට සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ද එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...