“ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන්න පසුබට වෙන්නේ නැහැ” – ඉන්දීය ක්‍රිකට් ආයතනය

Date:

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය යහපත් අතට පත් නොවන්නේනම් එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අවලංගු කිරීම සදහා කිසිසේත් පසුබට නොවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි භාණ්ඩාගාරික අරුන් ධුමාල් මාධ්‍ය වෙත සදහන් කළේ ඉන්දීය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ප්‍රමුඛතාවය ලෙස සලකන බවයි.

ජූනි මාසයේ දී ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සමග එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට සිදු වුවහොත් ඉන්දීය ක්‍රිකට් ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 530ක මුදලක් අහිමි වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තරගාවලියේ නිල විකාශන හිමිකරු වන ස්ටාර් ඉන්දියා ආයතනයට තරගාවලිය නොපැවැත්වුවහොත් සෘජුවම ඉන්දීය රුපියල් කෝටි 3269.50 ක මූල්‍ය ප්‍රමාණයක් අහිමි වනු ඇති.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මේ වන විට තරගාවලිය පැවැත්වීම දැඩි අභියෝගයකට ලක්ව ඇති අතර, මෙම වසර අග භාගයේ දී තරගාවලිය කෙසේ හෝ පැවැත්වීම සදහායි ඉන්දීය ක්‍රිකට් ආයතනය අවධානය යොමු කරමින් සිටින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...