කොරෝනා නිසා ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් අවශ්‍ය ද? SLC පිළිතුර මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ හෝ පුහුණු කාර්යය මණ්ඩලයේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ රටවල් කිහිපයකම ක්‍රිකට් ආයතන එවැනි ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇතත්, මෙරට ක්‍රීඩකයින්ගේ හෝ පුහුණුකරුවන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි අප කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ.

එංගලන්තය, ඇෆ්ඝනිස්තානය, අයර්ලන්තය යන රටවල ක්‍රීඩක වැටුප් සහ සේවක වැටුප් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට පසුගිය දිනවල කටයුතු කෙරුණා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය පුහුණු කාර්යය මණ්ඩලයේ මැයි මස වැටුප 25% කින් කප්පාදු කළ අතර, ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු වුවහොත් එම මාසයට අදාළ පුහුණුකරුවන්ගේ වැටුප 50% කින් කප්පාදු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද ක්‍රීඩක වැටුප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අවධානය යොමු කර තිබූ අතර, සේවක වැටුප් කප්පාදුවක් ද සිදු කළා.

කෙසේ වෙතත්, එවැනි වැටුප් කප්පාදුවක් සිදු කිරීම සදහා මෙතෙක් තම ආයතනයට අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...