ක්‍රිකට් පුහුණුවීම් ජූනි පළමු වැනිදාට කල් යයි – පුහුණුවට පෙර ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම කල් දැමීමට සිදුව තිබෙනවා.

ඒ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජූනි මස පළමු වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කර ඇති දැනුම් දීමක් හේතුවෙන්.

මීට පෙර ලබන 15 වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණේ.

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...