ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය කල් දැමේ

Date:

2021 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

එම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ජූලි 3 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

එහිදී කණ්ඩායම් 3ක් 2021 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමටයි නියමිත වුණේ.

මීට අමතරව 2022 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යුරෝපීය කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ලබන ජූලි 24 වනදා සිට 30 වනදා දක්වා ඩෙන්මාර්කයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය ද කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

සුදුසු කාලවකවානුවක දී මෙම තරගාවලි දෙක ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කරන බවයි අයි.සී.සීය අද(12) නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...