ඉතිහාසයේ පළමු වරට Quetta Gladiators ප්‍රධාන පුහුණුකරු ධූරයේ වෙනසක්

Date:

Quetta Gladiators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙය පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ආරම්භයෙන් පසුව එම කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ සිදු කෙරෙන පළමු වෙනස්කම බවට පත් වනු ඇති.

පාකිස්තාන හිටපු කඩුලු රකින ක්‍රීඩක මොයීන් ඛාන් Gladiators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය වසර අටක කාලය පුරා කටයුතු කළා.

ඔහු ඉදිරියේ දී කණ්ඩායමේ අධ්‍යක්ෂ තනතුර සදහා පත් කිරීමට නියමිතව ඇති බව සදහන්.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පළමු අදියර හතරේ දී ඉතා සාර්ථක කණ්ඩායමක් බවට පත් වූ Gladiators කණ්ඩායම එම අදියර හතරෙන් අදියර තුනකදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

2019 වසරේ දී PSL තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද එම කණ්ඩායමයි.

කෙසේ වෙතත්, අවසන් අදියර හතරේ දී ම ඔවුන්ට අවසන් වටයට (playoffs) හෝ සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ශේන් වොට්සන් 2018 වසරේ සිට 2020 වසර දක්වා Quetta Gladiators කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

2019 වසරේ දී එම කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමේ දී Gladiators කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් (තරගාවලියේ දී) රැස් කළේ ද ඔහුයි.

2019 තරගාවලියේ දී ලකුණු 430 ක් ලබා ගත් ඔහු ප්‍රහාරාත්මක වේගය 143.81 ක් ලෙස සටහන් කර ගෙන තිබුණා. එම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ශේන් වොට්සන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...