ඉන්දියාව පරදා එංගලන්තයට ලකුණු 38 ක ජයක්

Date:

ඉන්දියාව සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් රැස් කරමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

Nat Sciver-Brunt ලකුණු 77 ක් ලබා ගත්තේ පන්දු 53 කින්. Danni Wyatt පන්දු 47 කින් ලකුණු 75 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Renuka Singh ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. Shreyanka Patil කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

Shafali Verma පන්දු 42 කින් ලකුණු 52 ක් රැස් කළ අතර,Harmanpreet Kaur ලකුණු 26 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට එංගලන්ත කාන්තා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...