හෙඩ් ඉවතට – ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නව නායකයෙක්

Date:

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස මැතිව් ශෝර්ට් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ට්‍රැවිස් හෙඩ් වෙනුවටයි.

පසුගිය බිග් බෑෂ් ලීග් අදියරේ දී තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ මැතිව් ශෝර්ට්.

එම අදියරේ දී ඔහු ඉනිම් 14 කදී ලකුණු 458 ක් රැස් කළ අතර, පන්දු යැවීමෙන් කඩුලු 11 ක් ද දවා ගැනීමට සමත් වුණා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් වීම සදහා ඔහු මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටිනවා.

ඉදිරි ටෙස්ට් තරග කාලසටහන හේතුවෙන් ට්‍රැවිස් හෙඩ් හා ඇලෙක්ස් කෙරී එළඹෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා නොකරනු ඇති.

2022-23 අදියරේ දී ස්ට්‍රයිකර්ස් කණ්ඩායම 7 වැනි ස්ථානයට පත් වුණේ තරග 14 න් තරග 5 ක් පමණක් ජය ගනිමින්.

මෙවර තරග වාරයේ දී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන සෙනසුරාදා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...