කරන් හා දග පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම ජැක්ස් හා බට්ලර්ගේ ඉනිම් එංගලන්තයට ජය ගෙනෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(7) අලුයම සමත් වුණා.

Antigua හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 202 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 32.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු විල් ජැක්ස් ලකුණු 73(පන්දු 72) ක් රැස් කරමින් මුල්පෙල ශක්තිමත් කළ අතර, නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 58 (45) ක් හා හැරී බෘෘක් නොදැවී ලකුණු 43(49) ක් ලබා ගනිමින් එංගලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ගුඩකේෂ් මොටියා ලකුණු 34 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් නායක ෂේයි හෝප් ලකුණු 68 ක් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් 63 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ගස් ඇට්කින්සන් හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...