නවසීලන්තය 55/5 – ලකුණු 117ක් පිටුපසින්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද මීර්පූර් හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 55 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටියා.

ටොම් ලේතම් ලකුණු 4කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 11කටත්, කේන් විලියම්සන් ලකුණු 13 කටත්, හෙන්රි නිකල්ස් එක් ලකුණකටත්, ටොම් බ්ලන්ඩල් ලකුණු නොලබාත් දැවී ගියා.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 12 ක් හා ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 5 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් කඩුලු 3 ක් හා තයිජුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුවන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 35 කට දැවී ගියා. ශහඩට් හොසේන් ලකුණු 31 ක් හා මෙහිදි හසාන් මිරාස් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ග්ලේන් පිලිප්ස් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 117ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...