Watch : පන්දුව අතින් අල්ලා දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට රහීම් පත් වෙයි

Date:

පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද නිසා ටෙස්ට් ඉතිහාසයේ දී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට පත් වීමට මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අද (6) සිදු වුණා.

නවසීලන්තය සමග අද මීර්පූර් හී දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී යි ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

බංග්ලාදේශ පළමු ඉනිමේ 41 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ක්යිල් ජමීසන් යොමු කළ පන්දුවට රහීම් විසින් ආරක්ෂිත පරහක් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පහර එල්ල කිරීමත් සමගම ඔහු පිත්ත රදවා ගෙන නොසිටින අතින් පන්දුව ස්පර්ශ කරමින් පන්දුවේ ගමන් මග සිතා මතාම වෙනස් කරනු ලැබුවා.

ඒ අනුව පන්දු රකින්නන් කළ ඉල්ලීමකින් පසුව පන්දු රැකීමට බාධා කිරීමේ (obstructing the field) දැවී යාම් නීති කාණ්ඩය යටතේ රහීම් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කිරීමටයි තෙවන විනිසුරු තීරණය කළේ.

පන්දුව අතින් ස්පර්ශ කිරීම නිසා ටෙස්ට් තරගයකදී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු ලෙසයි රහීම් ඉතිහාසගත වුණේ. එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී මෙම දැවී යාමට හසු වූ 8 වැනි පිතිකරු වන්නේ ද ඔහුයි.

පළමු වරට ටෙස්ට් තරගයකදී මෙම දැවී යාමට හසුව තිබුණේ එංගලන්ත ක්‍රීඩක William Endean. ඔහු 1951 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදී මේ ආකාරයෙන් දැවී ගියා.

අද දිනයේ දී රහීම් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...