නවකයින් දෙදෙනෙකු සමග සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

Date:

අයර්ලන්තයට එරෙහි සිම්බාබ්වේ 20යි 20 සංචිතය නිවේදනය කර තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති මැදපෙල පිතිකරුවෙකු වන Brian Bennett හා වේග පන්දු යවන ක්‍රීඩක Trevor Gwandu සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස සිකන්ඩ රාසා කටයුතු කරනවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

ලෝක කුසලානයට අදාළ අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වූයේ තෙවැනි ස්ථානයයි.

එම තරගාවලියේ දී ආබාධයකට ලක්වීම නිසා එක් තරගයක් පමණක් ක්‍රීඩා කළ අත්දැකීම් බහුල පිතිකරු ක්‍රෙයිග් අර්වින් අයර්ලන්තයට එරෙහි 20යි 20 සංචිතයට ද නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය බ්‍රහස්පතින්දා(7) හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

Zimbabwe T20I squad for Ireland:

Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Craig Ervine, Trevor Gwandu, Luke Jongwe, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Brandon Mavuta, Carl Mumba, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...