Watch : 2023 අබුඩාබි T10 පිටියේ හොදම පන්දු යැවීමේ දස්කම නුවන් තුෂාරගෙන් – 12/4

Date:

මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ දී මෙතෙක් පන්දු යවන්නෙකු එක් තරගයකදී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට Deccan Gladiators කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(5) සමත් වුණා.

ඒ, Northern Warriors කණ්ඩායම සමග පැවැති තරගාවලියේ 21 වැනි තරගයේ දී ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගනිමින්.

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන ඔහු මේ දක්වා ඉනිම් 5කදී කඩුලු 10 ක් දවා ගෙන තිබෙනවා.

අද තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 100 ක් ලබා ගනිමින්.

තුෂාරගේ පන්දු හමුවේ දැවී ගියේ කෙනාර් ලුවිස් (ලකුණු 7), හස්රතුල්ලාහ් සසායි (3), නායක ඇන්ජෙලෝ මැතිව්ස් (29) හා අස්මතුල්ලාහ් ඔමර්සායි (1) යන පිතිකරුවන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...