Watch : ඇදහිය නොහැකි නිපන්දුවකට චරිත් දැවී ගිය හැටි

Date:

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී Northern Warriors කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අභිමන්යු මිතුන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ නිපන්දුවක් යොමු කළා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Chennai Braves කණ්ඩායමයි. තරගයෙන් Braves කණ්ඩායම කඩුලු පහක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් Warriors කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් රැස් කරමින් සිය පන්දුවාර 10 නිමා කළා.

හස්රතුල්ලාහ් සසායි පන්දු 32 කින් ලකුණු 54 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මොහොමඩ් නබී ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Braves කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

සිකන්ඩ රාසා පන්දු 10 කින් ලකුණු 27ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අභිමන්යු මිතුන් ලකුණු 11 කට කඩුලු 2 ක් බිද හෙලුවා. ඇන්ජෙලෝ මැතිව්ස් එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්.

Braves ඉනිමේ තෙවැනි පන්දුවේ දී යි මිතුන් විසින් දැවැන්ත නිපන්දුවක් යොමු කළේ. එම පන්දුවට චරිත් අසලංක දැවී ගිය ද, එය නිපන්දුවක් වීම නිසා ඔහු තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...