එල්ල වූ දැඩි විරෝධය හමුවේ දිනක් ඇතුළත සල්මන් බට්ට තනතුර අහිමි වෙයි

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී වහබ් රියාස්ගේ උපදේශක සාමාජිකයෙකු ලෙස පත් කෙරුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සල්මන් බට් එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

උපදේශක තනතුර සදහා පත් කිරීම සිදු කර එක් දිනක් ඇතුළත මෙලෙස ඔහුව අදාළ තනතුරෙන් ඉවත් කිරීම විශේෂත්වයක්.

ජනතාවගෙන් හා මාධ්‍යයෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.

“සල්මන් බට් උපදේශකයෙකු ලෙස ලබා ගැනීම මගේ තීරණයක්. මොකද ඔහු හොඳ ක්‍රිකට් මනසක් තියෙන කෙනෙක්. මම දැන් ඒ තීරණය වෙනස් කළා. මම දැනටමත් සල්මන් බට්ට දන්වා තිබෙනවා ඔහුට මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න බැහැ කියලා. නමුත් පුද්ගලිකව මම හිතන්නේ ඔහු දඬුවම් විඳ ඇති නිසා මිනිසුන් ඉදිරියට යා යුතුයි කියලා” යනුවෙන් වහබ් රියාස් මාධ්‍ය වෙත සදහන් කළා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන රමීස් රාජා ද සල්මන් බට්ගේ පත් කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා.

හිටපු පාකිස්තාන නායකයෙකු ද වන සල්මන් බට් 2010 වසරේ දී ආන්දෝලනාත්මක තරග පාවාදීමේ සිද්ධියට හසු වූ ක්‍රීඩකයින් තිදෙනාගෙන් (මොහමඩ් අමීර් හා මොහමඩ් අසිෆ්) එක් අයෙක්.

ටෙස්ට් තරග 33ක්, එක්දින තරග 78 ක් හා 20යි 20 තරග 24 ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති බට්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වසර 10ක ක්‍රිකට් තහනමක් ද පැනවූ අතර, ඔහුට සිරදඩුවමකට ද ලක් වීමට සිදු වුණා.

ඔහුට අමතරව කම්රන් අක්මාල් හා රාඕ ඉෆ්ටිකාර් අන්ජුම් ද තේරීම් කමිටු ප්‍රධානී වහබ් රියාස්ගේ උපදේශක සාමාජිකයින් ලෙස පසුගියදා පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...