මොරිස් කැදවමින් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ලාන්ස් මොරිස් ද සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 14 වැනිදා පර්ත් හී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

අලුබදුන තරගාවලියේ දී කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වූ කැමරන් ග්‍රීන් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී එක්දින කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ස්ථානය අහිමි වූ ඇලෙක්ස් කෙරී ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබෙනවා.

මෙම තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියට සමු දීමට සූදානමින් සිටින ඩේවිඩ් වෝනර් ද පළමු තරගය සදහා වන සංචිතයට නම් කර තිබෙනවා.

Australia’ First Test squad:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Lance Morris, Steve Smith, Mitch Starc, David Warner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...