Watch : මේයර්ස් දවා ගත් නුවන් තුෂාරගේ සුපිරි පන්දුව

Date:

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට Deccan Gladiators කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද සමත් වුණා.

Team Abu Dhabi කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් Gladiators කණ්ඩායම ලකුණු 63 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Gladiators කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 141 ක් ලබා ගනිමින් පන්දුවාර 10 අවසන් කළ අතර, පිළිතුරු ලෙස Abu Dhabi පිලට පන්දුවාර 10 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

Gladiators කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ නුවන් තුෂර සිය පන්දුවාර දෙක තුළ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 5 ක් පමණක් ලබා දෙමින්.

එහිදී ක්යල් මේයර්ස් දවා ගැනීම සදහා තුෂාර යොමු කළ අනර්ඝ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...