තියුණු ජයක් සමග අඛණ්ඩව දෙවැනි වරටත් WBBL ශූරතාවය ස්ට්‍රයිකර්ස් පිලට

Date:

මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරදා ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කරමින්.

ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කාන්තා බිග් බෑෂ් ලීග් ශූරතාවය අඛණ්ඩව ජය ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඇඩිලේඩ් හි පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබා ගත්තා.

Laura Wolvaardt ලකුණු 39 ක් හා Tahlia McGrath ලකුණු 38 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Nicola Hancock ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

Amelia Kerr නොදැවී ලකුණු 30 ක් හා Georgia Redmayne ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Amanda-Jade Wellington ලකුණු 16 කට කඩුලු 3ක් දවා ගත් අතර, Megan Schutt හා Tahlia McGrath කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අවසන් තරගයේ වීරවරිය ලෙස Amanda-Jade Wellington නම් කෙරුණු අතර, තරගාවලියේ වීරවරිය බවට පත් වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...