තයිජුල්ගේ දග පන්දුව හමුවේ නවසීලන්තයට ලකුණු 150 ක පරාජයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 150 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(2) සමත් වුණා.

සිල්හෙට් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 332 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි.

ඩැරල් මිචෙල් ලකුණු 58 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 75 කට කඩුලු 6ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 310 ක් රැස් කළේ මහ්මුදුල් හසාන් ජෝයිගේ ලකුණු 86 න් ශක්තිමත් වෙමින්. ග්ලේන් පිලිප්ස් කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 317 ක්. කේන් විලියම්සන් ලකුණු 104 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් ද, මොමිනුල් හක් කඩුලු 3 ක් ද දවා ගත්තා.

අනතුරුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 338 ක්. නායක නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 105 ක් රැස් කළ අතර, අජාස් පටෙල් කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...