WPL වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 ක් ; ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්න

Date:

2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩිකාවන්ගේ නම් අද(2) තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කළා.

ක්‍රීඩිකාවන් 165 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩිකාවන් 104 දෙනෙකු ඉන්දීය ක්‍රීඩිකාවන් වනවා.

61 දෙනෙකු විදෙස් ක්‍රීඩිකාවන් වන අතර, ඉන් 15 දෙනෙකු අයි.සී.සී පූර්ණ සාමාජික නොවන රටවල ක්‍රීඩිකාවන් බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩිකාවන් 56 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩිකාවන් 109 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් අතරට ඇතුළත්.

කණ්ඩායම් 5 විසින්ම වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු මිලදී ගැනීමට නියමිතයි. මේ වන විට එම කණ්ඩායම්වල විදෙස් ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගේ පුරප්පාඩුවක් ද පවතිනවා.

ක්‍රීඩිකාවක් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක කාණ්ඩයයි.

එම කාණ්ඩය යටතේ කොදෙව් ක්‍රීඩිකා Deandra Dottin හා ඔස්ට්‍රේලියාවේ Kim Garth ලියාපදිංචි වී තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩිකාවන් ප්‍රමාණය 4 ක්.

මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක කාණ්ඩයෙන් ලියාපදිංචි වී තිබෙනවා. ඇය පසුගිය WPL වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර ලියාපදිංචි වී ඇත්තේ ද ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේයි.

WPL දෙවැනි අදියරේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය ලබන 9 වැනිදා මුම්බායි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...