ලකුණු 20ක ජයකින් ඉන්දියාව තරගාවලිය දිනයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-1) ඉන්දීය කණ්ඩායම අද (1) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති සිව්වැනි තරගයෙන් ඉන්දියාව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

රායිපූර්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් රින්කු සිං ලකුණු 46(29)ක් , යශස්වි ජයිස්වාල් ලකුණු 37 (28) ක්, ජිටේෂ් ෂර්මා ලකුණු 35(19)ක් හා රුටුරාජ් ගයික්වඩ් ලකුණු 32(28)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Ben Dwarshuis ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Jason Behrendorff හා Tanveer Sangha කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිම වෙනුවෙන් මැතිව් වේඩ් නොදැවී ලකුණු 36(23) ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 31(16) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලුවා. දීපක් චහාර් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...