එක්දින සංචිතයට නම් නොකිරීම නිසා ඩැරන් බ්‍රවෝ තීරණයක් ගනියි

Date:

බටහිර ඉන්දීය ‌කොදෙව් පිතිකරු ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන කොදෙව් සංචිතයට ඔහුව නම් නොකිරීමට ගත් තීරණයත් සමගයි බ්‍රාවෝ මෙම පියවර ගෙන ඇත්තේ.

34 වන වියේ පසුවන ඩැරන් බ්‍රාවෝ අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී යි.

2023-24 Super 50 cup තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන බ්‍රාවෝ, සාමාන්‍ය 83.20 ක් ලෙස සටහන් කර ගනිමින් ලකුණු 416 ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් එවැනි පසුබිමක වුව ද ඩැරන් බ්‍රවෝ ජාතික සංචිතයට නම් කර නැහැ.

ඔහු කොපමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් විවේක ගැනීමට තීරණය කර ඇත්දැයි මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...