IPL 2024 : සංචිතවල රදවා ගත් සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් අද(26) නිවේදනය‌ කෙරුණා.

අද පස්වරු 4ට පෙර එලෙස රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළ යුතු බවටයි තරගාවලියේ සංවිධායකයින් විසින් දැනුම් දී තිබුණේ.

2023 අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළා. එනම්, වනිදු හසරංග (RCB), භානුක රාජපක්ෂ(PBKS), දසුන් ශානක (GT), මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණයි (CSK).

ඒ අතරින් මතීෂ හා තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන ඇති අතර, භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වනිදු හසරංග ද සිය සංචිතයෙන් නිදහස් කිරීමටයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ තවදුරටත් රදවා ගැනීමට පියවර ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...