ටයිටන්ස් රදවා ගත් හර්ඩික් පාන්ඩ්යා මිලදී ගන්න මුම්බායි ගිවිසුම්ගත වෙයි

Date:

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් තබා ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ද අද (26) නිවේදනය කෙරුණු පසුබිමකයි.

එම නම් ලැයිස්තුවට අනුව හර්ඩික් පාන්ඩ්යා සිය සංචිතයේ රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත් කිරීමට ටයිටන්ස් කණ්ඩායම පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින්ව ගණුදෙනු කිරීම සදහා කණ්ඩායම්වලට ලබා දී ඇති කාලය තවමත් අවසන් වී නැහැ.

ඒ අනුව පාන්ඩ්යා මුම්බායි කණ්ඩායම සමග එක්වීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඉදිරියේ දී සිදු කරනු ඇති.

ක්‍රික්බස් වෙබ් අඩවියට අනුව ගුජරාට් හා මුම්බායි කණ්ඩායම් අද දිනයේ දී අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මෙය ඒකපාර්ශ්විකම සිදු කරන ක්‍රීඩක මිලදී ගැනීමක් (all-cash deal) වන බැවින් ටයිටන්ස් කණ්ඩායම විසින් කිසිදු ක්‍රීඩකයෙකු මුම්බායි කණ්ඩායමෙන් මිලදී ගන්නේ නැහැ.

ඉන්දීය රුපියල් කෝටි 15 ක මුදලකට මෙම ක්‍රීඩක මිලදී ගැනීම මුම්බායි කණ්ඩායම සිදු කරනු ඇති බවටයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...