ලකුණු 44 ක ජයකින් ඉන්දියාව තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තිරුවානන්තපුරම් හී දි පැවැති තරගයේ දී ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

රුටුරාජ් ගයික්වඩ් පන්දු 43 කින් ලකුණු 58 ක් ද, යශස්වි ජයිස්වාල් පන්දු 25 කින් ලකුණු 53 ක් ද, ඉෂාන් කිෂන් පන්දු 32 කින් ලකුණු 52 ක් ද ලබා ගත්තා.

රින්කු සිං නොදැවී ලකුණු 31 ක් රැස් කළේ පන්දු 9කට පමණක් මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී නේදන් ඇලස් ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 45 (25) ක්, මැතිව් වේඩ් නොදැවී ලකුණු 42(23) ක් හා ටිම් ඩේවිඩ් ලකුණු 37(22) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා හා රවී බිෂ්නෝයි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...